Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 34th event @ Moratuwa

“SMILE WITHIN” 1M Mask campaign 34th event @ Moratuwa

Cloth face masks playing a major role in preventing the spread of Covid 19. However, wearing cloth face masks may not be possible in every situation or for some people. In such situations, adaptations and alternatives should be considered whenever possible to reduce the risk of spreading COVID-19
As an example, individuals who are deaf or hard of hearing or those who care for or interact with a person who is hearing impaired may be unable to wear cloth face coverings if they rely on lipreading to communicate. In this situation, consider using a clear face covering. If a clear face covering isn’t available, consider whether you can use written communication, use video call technology or decrease background noise to make communication possible while wearing a cloth face covering that blocks your lips.

34th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign was held on 27th June 2020. The event was held at Moratuwa with the support of Sri Lanka Police.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රෙදි මුව ආවරණ විශාල කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, රෙදි මුව ආවරණ පැළඳීම සෑම අවස්ථාවකම හෝ සමහර පුද්ගලයින්ට කළ නොහැකි විය හැකිය. එවැනි අවස්ථාවන්හිදී, COVID-19 පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා හැකි සෑම විටම අනුවර්තනයන් සහ විකල්ප සලකා බැලිය යුතුය.
නිදසුනක් ලෙස, බිහිරි හෝ ඇසීමට අපහසුතා ඇති පුද්ගලයින්ට හෝ ශ්‍රවණාබාධිත පුද්ගලයෙකු සමඟ සමඟ කටයුතු කරන අයට සන්නිවේදනය සඳහා තොල් කියවීම අත්‍යවශ්‍ය වූ විට රෙදි මුව ආවරණ පැළඳීමට නොහැකි වනු ඇත. මෙවන් තත්ව තුළ පැහැදිලි මුව ආවරණයක් භාවිතා කිරීම ගැන සලකා බලන්න. පැහැදිලි මුව ආවරණයක් නොමැති නම්, ඔබේ තොල් අවහිර කරන රෙදි මුව ආවරණයක් පැළඳ සිටියදී සන්නිවේදනය සඳහා ලිඛිත සන්නිවේදන ක්‍රමයක් භාවිතා කළ හැකිද, පසුබිම් ශබ්දය අඩු කළ හැකිද යන්න සලකා බලන්න. සැමට පහසුකම් නැතිවිය හැකි වුවද දුරස්ථභාවය පවත්වාගැනීමට වීඩියෝ ඇමතුම් තාක්ෂණයද භාවිතා කල හැක.

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ 34 වන වැඩසටහන ජුනි 27 දා සවස මොරටුව නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

No Comments

Post a Comment