Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 33rd event @ Dehiwala

“SMILE WITHIN” 1M Mask campaign 33rd event @ Dehiwala

The use of face masks in the community should be considered only as a complementary measure and not as a replacement for established preventive measures, for example physical distancing, respiratory etiquette, meticulous hand hygiene and avoiding touching the face, nose, eyes and mouth.
Appropriate use of face masks is key for the effectiveness of the measure and can be improved through education campaigns.
Manusath Derana, with Sri Lanka Telecom and Mobitel conducted the 33rd event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign on 27th June 2020. The event was held at Dehiwala with the support of Sri Lanka Police.

ප්‍රජාව තුළ මුව ආවරණ භාවිතා කිරීම සැලකිය යුත්තේ අනුපූරක පියවරක් ලෙස පමණක් වන අතර ස්ථාපිත කොවිඩ් 19 වැළැක්වීමේ පියවර වෙනුවට පුර්ණ ආදේශකයක් ලෙස නොසැලකිය යුතුය. නිදසුනක් ලෙස පුද්ගල දුරස්ථභාවය, කිවිසුම් හා කැස්ස මනා ලෙස ආවරණය කිරීම , උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් නිවසට වී සිටීම, අපද්‍රවය බැහැරකිරිමේදී වගකීම් සහිතව කටයුතුකිරිම, අත් සනීපාරක්ෂාව සහ මුහුණ, නාසය, ඇස් සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැලකීම ආදිය සැලකිය හැකිය.
මුව ආවරණ සුදුසු ලෙස භාවිතා කිරීම කොවිඩ් 19 පැතිරීම පාලනය සඳහා ප්‍රධාන වන අතර අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් එය වැඩිදියුණු කළ හැකිය.
කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ 33 වන වැඩසටහන ජුනි 27 දා උදැසන දෙහිවල නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

No Comments

Post a Comment