Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / #LASSANADERANA Sripada Cleaning 2020

#LASSANADERANA Sripada Cleaning 2020

Manusath Derana Nature force conducted another Lassana Derana Program for the Prevention of Local and Global Environmental Damages and to raise awareness among people on responsible disposal of waste.

The event took place on March 6 and 7 and in parallel to this event, live TV broadcasts and a Bread Dansala for devotees were also held. The event was sponsored by Fonterra Anchor.
More than 200 personnel from Sri Lanka Army of the, 112 Division, Ratnapura Police Superintendent’s office, Kuruwita Public Health Inspectors ‘Association, Samanala Kanda Rasika Samithiya, Sri Lanka National Travel Guide Lecturers’ Institute, Sri Lanka Youth Zoologists Association, Wildlife conservation Offices of Ratnapura & Nallathanniya, Surakimu Sri Lanka, Nishu Apparel Institute, Kithulgala Base Camp, Colombo District Scout Headquarters, 3rd year students of marketing management of University of Kelaniya, Students of Ananda College Colombo, small and medium scale hotel owners’ association significantly contributed for the event. Manusath Derana extends our sincere gratitude to all the above mentioned, top management and staff of Derana, devotees, the Vice Chancellor of the Uva Wellassa University, Ven. Dammadinna thero and Sripadasa Uda Maluwa caretaker Ven. Dorapane Sumanajothi Thero for the advices and support extended.

දේශීය හා ගෝලීය පාරිසරික හානි වලක්වලී හා ජනතාව විධිමත් ලෙස කසල බැහැර කිරීම පිලිබඳ දැනුවත් කිරීම උදෙසා මනුසත් දෙරණ සොබාදම් බලකායේ ලස්සන දෙරණ වැඩසටහන මගින් සංවිධානය කොට සිදුකරන ලද උතුම් ශ්‍රී පාද පුද බිම හා සංවේදී පරිසර කලාපයක් වන සමනල ගිර අවට පුදබිමට කරා ඇති මාර්ග දෙපස රැස්ව ඇති නොදිරන කසල ඉවත් කිරීම මාර්තු 6 හා 7 දෙදින සිදුකෙරුණා. එයට සමගාමිව උතුම් ශ්‍රී පද වන්දනාවේ යෙදෙන බැති මතින් හා සංචාරකයින් දැනුවත් කිරීම උදෙසා සජීවී රූපවාහිනි විකාශනයන්ද, බැතිමතුන් උදෙසා රොටි දන්සලක්ද පවත්වනු ලැබුවා. මේ සඳහා අනුග්‍රාහකත්වය සැපයුවේ ෆොන්ටෙරා ඇන්කර් ආයතනයයි.
මේ සඳහා ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ 112 වන සේනාංකයේ 200 කට අධික පිරිසක්, ශ්‍රී ලංකා පොලිසියේ රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලය, කුරුවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය, සමනල කන්ද රසික එකමුතුව, ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය, වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලය රත්නපුර හා නල්ලතන්නිය, සුරකිමු ශ්‍රී ලංකා, නිෂු ඇපරල් ආයතනය, කිතුල්ගල බේස් කෑම්ප්, කොළඹ දිසා බාලදක්ෂ මූලස්ථානය, කැලණිය විශ්ව විද්‍යාලයේ අලෙවි කළමනාකරණ අංශයේ 3 වසර සිසුන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන්, කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල් හිමිකරුවන්ගේ සංගමය වැනි ආයතන විසින් සුවිශේෂී දායකත්වයක් සපයන ලදී. මෙම දුෂ්කර වූ වැඩසටහන සාර්ථක ලෙස නිම කිරීමට සහය වූ ඉහත සඳහන් සියල්ලන්ටමද , දෙරණ ආයතනයේ ඉහල කළමනාකාරිත්වය හා කාර්යය මණ්ඩලයටද, සහය දැක්වූ බැතිමතුන්ටද, අවවාද අනුශාසනාදිය ඇතුළු නොයෙක් ආකාරයෙන් අප දිරිමත් කල ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති, රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී දම්මදින්න මාහිමිපානන්ටද, ශ්‍රීපාදස්ථාන උඩමළුවේ භාරකාර දොරපනේ සුමනජෝති ස්වාමින් වහන්සේටද මනුසත් දෙරණ සොබාදම් බලකායේ බැතිබර විශේෂ ස්තුතිය පුදකර සිටිමු.

No Comments

Post a Comment