Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / 42nd Manusath Derana medical camp held at Meegahakiula– Badulla District

42nd Manusath Derana medical camp held at Meegahakiula– Badulla District

42nd Manusath Derana Medical Camp was held at the Migahakivula Primary School today in collaboration with Buddhist youth society of Sri Subadararama Temple in Meegahakiula.

A large number of people visited the temple premises to check the health of their kidneys.

Along with the medical clinic, Sri Lanka Eye Donation Society donated free spectacles to the eye patients after a check-up and as a part of Manusath Derana promotion of # green energy concepts, OKTAN Pvt. Ltd. donated solar panels to people living in the area without electricity.

In addition, AMW (Associated Motorways) donated a generator for the welfare of the area to the Young Buddhist Society of Meegahakiula Sri Suhadrarama Viharaya.

The show by Magician Sumangala Silva, which entertained the audience, especially the children, educated them on the social wellbeing was fascinating.

Manusath Derana also appreciates the dedication & support of the nurses & doctors of Badulla, Meegahakiula & Mahiyangana Hospitals, Badulla Regional Health Services Directorate, Nutritionists Association, Meegahakiula Police, Medical Health Officer’s Office, Sri Lanka Army’s 112th Brigade Headquarters, Ragama Leesons Hospital and Sri Subhadrarama Temple.

හඳුනා නොගත් වකුගඩු රෝගය තුරන් කිරිමේ අරමුණින්, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ 42 වන වෛද්‍ය සායනය අද දින මීගහකිවුල ශ්‍රි සුහද්‍රාරාම විහාරස්ථානයේ සහයෝගිිත්වයෙන් මිිගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේදී දී පවත්වන ලදී.
තම වකුගඩු වල සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ගැනීමට අති විශාල පිරිසක් විහාරස්ථාන පරිශ්‍රයට පැමිණි අතර 800 කට අධික පිරිසක් පරික්ෂා කොට දැනුවත් කිරීම් සිදු කරන ලදී.

රැස්ව සිටි පිරිසට විශේෂයෙන් කුඩා දරුවනට විනෝදාශ්වාදයත්, සමාජයේ යහපත්ව සිටීමට දැනුමත් සපයමින් මැජික් ශිල්පී සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කල සංදර්ශනය කාගේත් සිත් ගත්තක් විය.

වෛද්‍ය සායනයට සමගාමීව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ඇස් පරික්ෂා කොට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙන ලද අතර OKTAN ආයතනයේ අනුග්‍රහයෙන් ප්‍රදේශයේ විදුලිය නොමැතිව වෙසෙන අයවලුනට සූර්ය පැනල ලබා දීමද සිදුකෙරිණි.
මීට අමතරව AMW ( ඇසෝෂියේටෙඩ් මෝටර් වේස්) ආයතනයේ අනුග්‍රහයෙන් ප්‍රදේශවාසීන්ගේ සුබසාධනය උදෙසා විදුලි ජනක යන්ත්‍රයක් මීගහකිවුල ශ්‍රී සුහද්‍රාරම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය වෙත පරිත්‍යාග කිරිමද විශේෂ සිදුවීමකි.
මීගහකිවුල පොලිසියේත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 112 බලසේනා මූලස්ථානයේත්, බදුල්ල මීගහකිවුල හා මහියංගණය රෝහල් වල හෙද නිලධාරීන් හා වෛද්‍යවරුන්ගේ, බදුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේත්, පෝෂණවේදීන් ගේ සංගමයේත් නොමද සහයෝගය හා ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සමිතියේ කැපවීමත් LEESONS රෝහලේ, OKTAN ආයතනයේ, AMW ආයතනයේ අනුග්‍රාහක දායකත්වයටත් මනුසත් දෙරණ කණ්ඩායමේ ආචාරය..

No Comments

Post a Comment