Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / Reviving & popularizing local paddy with the parachute system

Reviving & popularizing local paddy with the parachute system

Manusath Derana recently provided nursery trays for 100 acres of land in the Shravasthipura paddy field in Anuradhapura for a pilot project to cultivate local paddy using bio-fertilizers with the aim of reviving and popularizing local paddy cultivation. In this project, which is being carried out jointly by Manusath Derana and Anuradhapura Sravasthipura Pragati Seva Foundation, local paddy is planted in paddy fields using the parachute system. The experts believe that this is a very successful planting method. At a time when it is difficult to obtain nursery trays, the distribution of these nursery trays free of charge by Manusath Derana can save a considerable amount of time and effort for the farming community. 

දේශීය වී වගාවට පුනර්ජීවනයක් ලබාදී ප්‍රචලිත කිරීමේ අරමුණින් මනුසත් දෙරණ විසින් ජෛව පොහොර භාවිතයෙන් දේශීය වී වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර ශ්‍රාවස්තිපුර වෙල්යායේ අක්කර සියයක් සඳහා තවාන් තැටි ලබා දීම පසුගියදා සිදු කරන ලදී.
මනුසත් දෙරණ හා අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රගති සේවා පදනම එක්ව සිදුකරන මෙම ව්‍යාපෘතිය යටතේ දේශීය වී තවාන් තැටිවල පැලකොට පැරෂුට් ක්‍රමය මගින් කුඹුරුවල පැල කිරීම සිදු කරයි. තවාන් තැටි ලබා ගැනීම දුෂ්කරව පවතින මේ අවස්ථාවේ මනුසත් දෙරණ මගින් මෙම තවන් තැටි නොමිලයේ බෙදාදීම සිදුකරනු ලැබීම මගින් ගොවි ජනතාවට සැලකියයුතු කාලයක් හා ශ්‍රමයක් ඉතිරිකරගත හැකි අතර මෙය ඉතා සාර්ථක පැල සිටුවීමේ ක්‍රමයක් බව විද්වතුන්ගේ මතයයි.