Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / Agriculture in urban flats to survive

Agriculture in urban flats to survive

The ‘Api Wawamu-Urban Cultivation Programme for Apartments’ was launched today at Derana Head office premises with the participation of Hon. Mahinda Amaraweera, Member of Parliament, Minister of Agriculture; and Mr. Madhawa Madawala, Executive Director, Derana Media Network;
The ceremony was attended by the heads and staff of the Ministry of Agriculture, Biraha Farms PLC, GK Geo Pots, and Ceylon Eco-Fertilizer Manufacturers’ Association, and the programme beneficiaries. The mentioned partner institutions are making significant contributions to the success of this timely program implemented by Manusath Derana.
In response to the current food crisis in Sri Lankan society, Manusath Derana launched this timely program with the goal of improving the nutritional standards of urban people and children by repurposing their limited space and time for a much more useful and enjoyable purpose that benefits their economy and nutrition, as well as promoting the United Nations Sustainable Development Goals.
Under this program, thousands of people living in urban housing complexes will benefit from being provided with all the necessities such as vegetable plants, seeds, pots, fertilizers, organic soil mixtures, and advice.

ශ්‍රී ලාංකික ජන සමාජය වර්තමානයේ මුහුණදී ඇති ආහාර ද්‍රව්‍ය සපයාගැනීමේ අර්බුදකාරී තත්වය හමුවේ, නාගරික ජනතාවගේ හා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහල නංවා ගැනීමට හා පුරුද්දක් ලෙස තමනට ඇති සීමිත ඉඩ කඩ හා කාලය තම ආර්ථිකයට, පෝෂණයට පිටුවහලක් වන ප්‍රයෝජනවත් හා සතුට දනවන කාර්යයක් උදෙසා යොදා ගැනීමත්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රචලිත කිරීමත් අරමුණු කොටගත් #අපි වවමු – නාගරික මහල් නිවාස වගා සංග්‍රාමය අද දින ආරම්භ කරනු ලැබුවා. කෘෂිකර්ම අමාත්‍ය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය, බයිරහ ආයතනය, ජී කේ ජියෝ පොට්ස් ආයතනය, ලංකා පරිසර හිතකාමී පොහොර නිශ්පාදකයන්ගේ සංගමය, මනුසත් දෙරණ හා දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරමින් එම ආයතන ප්‍රධානීන්ගේ හා කාර්ය මණ්ඩලවල හා වැඩසටහනේ ප්‍රතිලාබින්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක වැඩසටහන පවත්වනු ලැබුවේ දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදියි.
මනුසත් දෙරණ විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශය, බයිරහා ආයතන , ජී කේ ජියෝ පොට්ස් ආයතනය, ලංකා පරිසර හිතකාමී පොහොර නිශ්පාදකයන්ගේ සංගමය සුවිශේෂී දායකත්වයක් දක්වයි.
මෙම වැඩසටහන යටතේ මහල් නිවාස වාසි දහස් ගණනාවක් වූ ජනතාවට අවශ්‍ය එළවලු පැල, බිජ, බඳුන්, පොහොර, කාබනික පස් මිශ්‍රණ, උපදෙස් ආදී සියලු අවශ්‍යතා සපුරාලීම සිදු කරනු ඇත.