Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “SIPSAL PUBUWA” at Laggala rambukoluwa primary school

“SIPSAL PUBUWA” at Laggala rambukoluwa primary school

Manusath Derana arrived at Rambuk Oluwa Primary School in new Laggala town of Wilgamuwa in Matale District on 13th February 2020. 25 children, who were trying to study In the midst of all the difficulties, were given some relief by providing with a computer, a printer, a sound system, paints by Nippon Paint and books for every child. Sumangala Silva, the renowned educational magician, conducted a magic show with the aim of educating and encouraging children. The magic show entertained the children very much and it was evident that this is the first time these children have seen such a thing in their lives

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ 2020 පෙබරවාරි මස 13 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ලග්ගල නවනගරයේ රඹුක්ඔලුව ප්‍රාථමික විද්‍යාලයට පැමිණියා. ඒ විවිධ දුෂ්කරතා මැද සිප්සතර හැදෑරීමට වෙරදරන දරුවන් 25 දෙනෙකු අකුරු කරන එම අතිදුෂ්කර පාසලට යම් හෝ සහනයක් සැලසීමටයි.එදින එම දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා පරිගණකයක්, ප්‍රින්ටරයක් ශබ්ද විකාශන පද්ධතියක්, පාසැල පින්තාරු කිරීමට නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් තීන්තද සෑම දරුවෙකුටම පොත් කට්ටලද ලබා දෙන ලදී. දරුවන් දැනුවත් කිරීම හා දිරිමත් කිරීමේ අරමුණෙන් ප්‍රවීන අධ්‍යාපනික මැජික් ශිල්පී සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කල මැජික් සංදර්ශනය ඔවුන්ගේ දිවියේ එවන් දෙයක් දක්නා ලද පළමු අවස්ථාව විය යුතු බව අපට පසක් කළා.