Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / “THURULIYA WENUWEN API” 3rd stage – #Reforestation mission at #Wilpattu

“THURULIYA WENUWEN API” 3rd stage – #Reforestation mission at #Wilpattu

As the 3rd phase of the Environmental Protection Mission “Thuruliya Wenuwe Api” of Manusath Derana & Sri Lanka Army, planting trees at deforested area of Wilpattu was initiated on 18th May 2019 by Lieutenant General Mahesh Senanayaka.

A special discussion was held on June 3, 2019 at Wilpattu in order to ensure that these trees are protected, cared and prevent such catastrophes again.

Vanni Sccurity forces Commander Major General Kumudu Perera lead the discussion and Officers of the 54th brigade who perform a special role in the mission, Officers of the security forces, Manusath Derana project chairman Mr. Mahesh Jayawardena & representatives of Manusath Derana, District Secretary Mr. Mohan Raz and Divisional Secretaries, Additional forest conservator general Mr. Lal Abesekara & officers of the forest conservation department, Land Officers and other stakeholders participated for this special discussion.

Special attention was paid during the discussion for the tasks of protecting the plants up to 3 years, acquisition of deforested uninhabited lands. Preparing the deforested land for reforestation etc.

Another remarkable event occur was launching the dedicated website http://derana.lk/savewilpattu/ for enabling local & foreign enthusiast to be educated and engage in this important mission.

Those who are interested in supporting Manusath Derana missions also could log on to our website http://manusathderana.lk/ and https://www.facebook.com/pg/ Facebook page for more information and to get in touch with us.

 

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ සමග එක්ව රට රකිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරන “තුරුලිය වෙනුවෙන් අපි” පරිසර ආරක්ෂණ ජාතික මෙහෙයුමේ 3න වන අදියර ලෙස විල්පත්තුවේ එළිකරන ලද ස්ථානවල ගස් සිටුවා රැක බලා ගැනිමේ ක්‍රියාන්විතය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මුලිකත්වයෙන් 2019 මැයි මස 18 වන දින අරඹන ලදී.

සිටුවන එම ගස් රැකබල ගැනීමත්, නැවත එවන් විනාශයන් සිදුවීම වලක්වා ගැනීමත් අරමුණු කොටගත් විශේෂ සාකච්ඡාවක් වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් 2019 ජුනි මස 3 වන දින විල්පත්තුවේදී පවත්වන ලදී.

මෙහෙයුමේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරන 54 වන බලසේනාවේ නිලධාරීන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මනුසත් දෙරණ සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු මනුසත් දෙරණ නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් මොහාන් රාස් මහතා, ප්‍රාදේශීය ලේකම් වරුන්, වනසංරක්ෂණ අතිරේක ජෙනරාල් ලාල් අබේසේකර මහතා ඇතුළු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉඩම් නිලධාරීන් ඇතුලු පාර්ශව මෙම විශේෂ සාකච්ඡාව සහභාගී වන ලදී.

මෙහිදී දැනට වනය එළිකර පදිංචි නොවූ ඉඩම් පවරා ගැනීම, වසර 3ක් දක්වා සිටුවන පැල රැකබල ගැනීමේ ක්‍රියාන්විතය, එළිකළ ඉඩම් නැවත වන වගාවට සුදුසු පරිදි සකස් කිරීම ඇතුලු කරුණු පිලිබඳ විශේෂ අවධානය දක්වන ලදී.

දෙස් විදෙස් පරිසර හිතකාමී ජනතාවට මේ පිළිබඳව දැනුවත්වීම හා දායකවීමට අවස්ථාව සලසා දෙමින් http://derana.lk/savewilpattu/ නමින් වෙබ් අඩවියක් හදුන්වදීමද මෙදින සිදුවූ සුවිශේෂී සිදුවීමකි.

ඉහත වෙබ් අඩවිය මෙන්ම https://www.facebook.com/pg/manusathderanaෆේස්බූක් පිටුවෙන්ද http://manusathderana.lk/ වෙබ් අඩවියෙන්ද ඔබට මනුසත් දෙරණ හා සම්බන්ධ විය හැක.