Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 72nd Manusath Derana Medical Camp – Galewela

72nd Manusath Derana Medical Camp – Galewela

In collaboration with the Sri Lanka Army, the 72nd Manusath Derana health clinic was held at Silwatgala Maha Vidyalaya on July 27, 2024, to save the people of Galewala from an unidentified kidney disease.
The Army Dental Unit, the IIHS Institute, the Sri Lanka Eye Donation Society, local and army doctors and nurses, and Cipla Pharma conducted physiotherapy, cholesterol, blood sugar, ophthalmology, blood pressure, and BMI testing. The Ragama Leesons Hospital made a monetary donation.
Simultaneously, nutrition packets were distributed to expectant mothers, and Dry Rations were given to those in financial difficulties.
A beautifully renovated music room featuring brand-new instruments and an Aqua Life water filtration system was given to the Silwatgala School. Silwatgala School and another school received sporting goods, while several other pupils received shoes.
The medical camp also provided access to national ID card services, while KIU University handled recruiting procedures for Japanese employment training.
Further, a local family was given a house by the Sri Lanka Army Electrical & Mechanical Engineers Regiment, which also did a fantastic job landscaping and upgrading the entire school complex.
Senior Sri Lanka Army officers, led by Army Commander Lieutenant General H.L.V.M. Liyanage and Seva Vanitha Unit Chairperson Mrs. Janaki Liyanage, graced the occasion.
Manusath Derana would like to extend its heartfelt gratitude to officers, the president of the Seva Vanitha Unit, the Colonel Commandant of the Sri Lanka Army Electrical and Mechanical Engineers regiment, the Divisional Secretariat officials, and the Sri Lanka Police.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ හා එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගලේවල ප්‍රදේශයේ ජනතාව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම උදෙසා සිදු කල සෞඛ්‍ය සායනය සිල්වත්ගල මහා විද්‍යාලයේදී 2024 ජුලි මස 27 වනදින පවත්වනු ලැබුවා.
රාගම ලීසන්ස් රෝහල මුල්‍ය දායකත්වය දක්වන අතර, සිප්ලා ෆර්මා, IIHS උසස් අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, ප්‍රදේශයේ රෝහල්, යුද්ධ හමුදා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල, යුද්ධ හමුදා දන්ත වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් පෙනහළු, කොලෙස්ටරෝල්, රුධිරගත සීනි, භෞත චිකිත්සක, අක්ෂි හා දන්ත සායන හා ලේ දන්දීමේ වැඩසටහන සඳහා විශේෂිත හා වෛද්‍ය සේවා ලබා දුන් අතර, රුධිර පීඩනය උසට සරිලන බර මැනීමද සිදු කරනු ලැබුවා.
මෙහිදී මෙම වෛද්‍ය සායනයට සමගාමිව තවත් කාර්යයන් රැසක් සිදුකරනු ලැබුවා. සිල්වත්ගල විද්‍යාලයට අලංකාර ලෙස නවීකරණය කරන ලද සංගීත කාමරයක් සංගීත භාණ්ඩ සමගම ලබාදීම, එම විද්‍යාලයට ඇක්වා ලයිෆ් ජල පෙරණයක් ලබා දීම, ප්‍රදේශයේ පාසල් දෙකකට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම, සිසු දරුවන් පිරිසකට පාවහන් ලබා දීම, ගැබිණි මාතාවන්ට පෝෂණ මලු ලබා දීම, ආර්ථික දුෂ්කරතා ඇති පිරිස් වෙත වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම, ඇස් කණ්නාඩි ලබා දීම, ජාතික හැඳුනුම් පත් ලබාදීමේ සේවාව, KIU විශ්ව විද්‍යාලය සිදු කල ජපන් රැකියා පුහුණුවට තෝරා ගැනීම ඇතුළු කටයුතු රාශියක් එයට අයත්වුවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකාය ඉතාමත් සුවිශේෂී කර්යභාරයක් ඉටු කරමින් මුළු විද්‍යාල පරිශ්‍රයම නවීකරණය කොට භූමි අලංකරණයද සිදු කරනු ලැබූ අතර ප්‍රදේශයේ පවුලක් වෙත නිවසක් ලබා දීමද සිදු කරනු ලැබුවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආඥාපති ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ මහතා ප්‍රමුඛ යුද්ධ හමුදාවේ නිලධාරීන් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ජානකී ලියනගේ මහත්මිය ඇතුළු සේවා වනිතා ඒකකයේ නිලධාරීවරියන් මෙම සෞඛ්‍ය කඳවුරට සහභාගිවු අතර ගලේවෙල ප්‍රදේශයේ දෙරණ ලිට්ල් ස්ටාර් ගී තරු හා සිසු දරුවන් අලංකාර ගීත හා නැටුම් වලින් පැමිණි ජනතාව ප්‍රසාදයට පත් කරනු ලැබුවා.
මෙම කාර්ය සාර්ථක කරගැනීමට සුවිශේෂී මෙහෙවරක් කල ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාධිපති තුමා ඇතුළු සියලුම දෙනාටද, එම සේවා වනිතා ඒකයේ සභාපති තුමියටද, විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය හා සිසු දරුවන්ටද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පුද්ගලයින් ලිය පදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන්ටද, ශ්‍රී ලංකා පොලිසියටද ප්‍රදේශයේ ජනතාව ඇතුළු සහය දැක්වූ සියලුම දෙනාටමද මනුසත් දෙරණ සුවිශේෂී ස්තුතිය පුද කර සිටිමු.

No Comments

Post a Comment