Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 73rd Manusath Derana Medical Camp – Gomarankadawala

73rd Manusath Derana Medical Camp – Gomarankadawala

The 73rd Manusath Derana Medical Clinic was held on August 17, 2024, at the Trincomalee Gomarankadawala National School to benefit the people of Gomarankadawala. The clinic is designed to save lives by identifying kidney disease in its early stages.
Ragama Leesons Hospital, Manusath Derana, IIHS, and Cipla Pharma tested kidneys, lungs, cholesterol, blood sugar, BMI, blood pressure, and other parameters. Additionally, eyeglasses were donated after examining the eyes with the contribution of the Sri Lanka Eye Donation Society, while Aqva Life tested the water samples in the area.
The Gomarankadawala National School received a donation of sports equipment and an Aqua Life water filter. The KIU University provided awareness of the training opportunities for jobs in Japan and conducted relevant interviews. Special thanks to the Gomarankadala Api Youth Organization, the Gomarankadala Medical Officer of Health Office, and all those who supported.

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ ජනතාවගේ හිතසුව පිණිස මෙවර මනුසත් දෙරණ වෛද්‍ය සායනය ගෝමරන්කඩවල ජාතික පාසලේදී 2024 අගෝස්තු මස 17 වනදින පවත්වනු ලැබුවා. වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හදුනාගෙන ජනතාව ජීවිත අවධානමෙන් මුදවාගැනීම උදෙසා පවත්වන මනුසත් දෙරණ වෛද්‍ය සායනය මෙවර පැවැත්වුවේ 73 වන වරටයි.
රාගම ලීසන්ස් රෝහලේ අනුග්‍රයෙන් මනුසත් දෙරණ, IIHS, සිප්ලා ආයතනය එක්ව වකුගඩු, පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද හා රුධිර පීඩනය, උසට සරිලන බර මැනීමද, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ කණ්නාඩි ලබාදීමද සිදුකරනු ලැබුවා.
තවද ගෝමරන්කඩවල ජාතික පාසලට ක්‍රීඩා උපකරණ ලබා දීම හා ඇක්වා ලයිෆ් අනුග්‍රහයෙන් ප්‍රදේශයේ ජලය පරික්ෂා කිරීම හා එම විද්‍යාලයට ජලපෙරණයක් ලබාදීම , KIU විශ්ව විද්‍යාලය විසින් ජපානයේ රැකියා සඳහා පුහුණුවට පුද්ගලයින් දැනුවත් කිරීම හා අදාල සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමද සුවිශේෂී අංග වුවා.
සංවිධාන ශක්තිය සපයන ලද “ගෝමරන්කඩවල අපි තරුණ සංවිධානයටද, ගෝමරන්කඩවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටද ප්‍රදේශයේ ජනතාවටද මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.

No Comments

Post a Comment