76th Manusath Derana Medical Camp – Galnawa
The majority of Rajarata farmers face a number of problems, such as limited access to drinking water and insufficient resources for health and education. On January 25, 2025, Galnewa Primary School in Anuradhapura hosted the 76th Manusath Derana Medical Clinic to improve the health of the Galnawa community by providing free medical examinations and consultations. The clinic consisted of kidney, cholesterol, blood sugar, lung, and BMI tests; a well-woman clinic; physiotherapy treatments; and an eye clinic that donated spectacles. Furthermore, education regarding proper hygiene and sanitation techniques was given. The expectant mothers were also provided with the required supplies. Oil tanks for the farmers, Band instruments, library books, sports equipment, a water filter for the school, and a generator were also given. The Department of Registration of Persons conducted a mobile service. With financial assistance from Ragama Leesons Hospital and cooperation from the Office of the Medical Officer of Health-Galnewa, Cipla Pharma, IIHS, Aqualife, and the Sri Lanka Eye Donation Society, Manusath Derana organised this medical clinic together with the development society of the Galnawa Primary School. Manusath Derana thanks Beat Drummers music band for sponsoring band instruments and all institutions and individuals for supporting this noble community service.
රජරට ප්‍රදේශයේ ගොවි ප්‍රජාවෙන් බහුතරයක් විවිධ වූ පාරිසරික ගැටළු, පානීය ජල හිගය, අඩු සෞඛ්‍ය හා අධ්‍යාපනික පහසුකම් ආදී දුෂ්කරතාවයන් මධ්‍යයේ රටට බත සරි කරන පිරිසකි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් කිරීම උදෙසා මනුසත් දෙරණ සිදු කරන වෛද්‍යය සායන මාලාවේ 76 වන වැඩසටහන 2025 ජනවාරි මස 25 වන දින අනුරාධපුර ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වනු ලැබුවා.
රාගම ලීසන්ස් රෝහලේ මුල්‍ය දායකත්වයද සිප්ලා ෆාර්මා, IIHS, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය යන ආයතන හා ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද සම දායකත්වයද ඇතිව සිදු කල මෙම වෛද්‍ය සායනය මගින් වකුගඩු, කොලෙස්ටරෝල්, රුධිරගත සීනි, පෙනහළු, ශරීර ස්කන්ධය ආදී පරීක්ෂණද, සුවනාරි සායනය හා ඇස් පරික්ෂාකොට කන්ණාඩි ලබාදීමද, භෞතචිකිත්සක ප්‍රතිකාර ද සිදු කරනු ලැබුවා.
එයට සමගාමීව ගර්භනී මව්වරුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන ජංගම සේවය, ගොවි මහතුන් වෙත තෙල් ටැංකි ලබාදීම, පාසලට ක්‍රීඩා භාණ්ඩ, තූර්යවාදන භාණ්ඩ, පුස්තකාල පොත් හා ජල පෙරනයක් ලබාදීම, විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම ආදී කටයුතුද සිදු කරන ලදී.
තූර්යවාදන භාණ්ඩ ලබාදුන් Beat Drummers තාල වාද්‍ය කණ්ඩායමටත්, සංවිධාන ශක්තිය ලබාදුන් පාසල් සංවර්ධන සමිතියට, ගල්නෑව පොලිසිය, වෛද්‍ය, සෞඛ්‍ය සේවා හා රාජ්‍ය ආයතන නිලධාරීන් ඇතුළු සියළුම දෙනාට මනුසත් දෙරණ ප්‍රණාමය.
No Comments