Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Jeewa Thuru Udana

Jeewa Thuru Udana

Moringa, once commonly used for fencing had immensely contributed to the health and nutrition of the nation. During the past few decades, Moringa trees disappeared from the gardens where most people have forgotten the values of this miraculous tree.
Highlighting its great nutritional, medicinal, and economic value, Manusath Derana, State Ministry of Agriculture, Government Medical Officers Association and Department of Agrarian Development initiated an awareness and tree planting campaign to educate the public.
AdaDerana “Big focus” program aired on 16th April provided the public with vital information on moringa and the initiative will be implemented through 2,500 temples across all districts.
The inaugural ceremony was held at the historic Maligawila Temple of Monaragala on 17th April at the auspicious time of the “applying oil on the head” ritual with the participation of Hon. State Minister of Agriculture and Manusath Derana.

කලක් වැටවල් සඳහා බහුලව භාවිතා වූ මුරුංගා, ජාතියේ සෞඛ්‍යයට හා පෝෂණයට ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ. පසුගිය දශක කිහිපය තුළ අපගේ ගෙවතුවලින් මුරුංග ශාකය අතුරුදහන් වීමත් සමග මෙම ආශ්චර්යමත් ගසේ වටිනාකම බොහෝ දෙනාට අමතකව ගොස් ඇත.
එහි විශාල පෝෂණමය, ඖෂධීය හා ආර්ථික වටිනාකම ඉස්මතු කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, මනූසත් දෙරණ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් දැනුවත් කිරීමේ හා ගස් දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කරණ ලදී.
මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක පුරා පන්සල් 2,500 කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරන අතර පසුගිය අප්‍රේල් 16 වන දින විකාශය වූ අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහන මගින් මුරුංගා පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් මහජනතාවට ලබා දෙන ලදී.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අප්‍රේල් 17 වන දින මොණරාගල ඓතිහාසික මාළිගාවිල විහාරයේදී “හිස තෙල් ආලේප කිරීමේ” අවුරුදු චාරිත්‍රයේ සුබ මොහොතින් ගරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ මනූසත් දෙරණ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

No Comments

Post a Comment