Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / General Services  / Manusath Derana, 65th Medical Camp at Polonnaruwa Jayanthipura

Manusath Derana, 65th Medical Camp at Polonnaruwa Jayanthipura

The Manusath Derana 65th Medical Clinic was held on December 9, 2023, at the Polonnaruwa Jayantipura Chethiyagiri Purana temple.
Manusath Derana Medical Clinics are conducted for the early detection of unidentified chronic kidney disease.
Parallelly, the Sri Lanka Eye Donation Society conducted eye examinations and provided free spectacles. In addition, lung, cholesterol, and blood sugar tests, physiotherapy, nutritionist services, and medical services were also provided at the 65th Manusath Derana Medical Clinic.
The main sponsor of this medical clinic was Ragama Leesons Hospital. IIHS Institute of Higher Education and Cipla Pharma Lanka contributed special services. Aqualife Waters Pvt. Ltd. tested the water brought from home by residents and advised. Along with the medical clinic, solar power units from Oktan Marketing were donated to two families living without electricity. A water filter from Aqualife was donated to the temple and the Palugasdamana school. The school was also given sports equipment.

මනුසත් දෙරණ 65 වන වෛද්‍ය සායනය දෙසැම්බර් මස 09 වන දින පොලොන්නරුව ජයන්තිපුර චේතියගිරි පුරාණ විහාරයේදී පවත්වන ලදී.
හඳුනානොගත් වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හඳුනාගැනීම උදෙසා මනුසත් දෙරණ වෛද්‍ය සායන පවත්වනු ලබන අතර මෙවර වෛද්‍ය සායනයේදී
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් අක්ෂි පරීක්ෂණ හා නොමිලයේ ඇස් කණ්නාඩි ලබාදෙන ලද අතර වකුගදී පරීක්ෂණයට අමතරව පෙනහළු පරික්ෂාව, කොලෙස්ටොරෝල් හා රුධ්රගත සීනි පරික්ෂාවන්, භෞතචිකිත්සක සේවය, පෝෂණවේදීන්ගේ සේවය හා වෛද්‍ය සේවය ද සපයන ලදී.
මෙම වෛද්‍ය සායනයට ප්‍රධාන අනුග්‍රහය දක්වනු ලැබුවේ රාගම ලීසන්ස් රෝහලයි. IIHS උසස් අධ්‍යාපන ආයතනයත්, සිප්ලා ආයතනයත් විශේෂ සේවාවන්ගෙන් දායක වූ අතර ඇක්වාලයිෆ් ආයතනය විසින් ප්‍රදේශවාසීන් නිවසින් රැගෙන එන ජලය පරික්ෂ කර උපදෙස් දෙන ලදී. වෛද්‍ය සායනයට සමගාමිව ප්‍රදේශයේ විදුලිය නොමැතිව වෙසෙන පවුල් දෙකකට සුර්ය බල කට්ටලද, විහාරස්ථානයට ජලපෙරන යන්ත්‍රයක්ද, පොලොන්නරුව පලුගස්දමන පාසලට ජලපෙරන යන්ත්‍රයක් හා ක්‍රීඩා උපකරණද පරිත්‍යාග කරන ලදී.

No Comments

Post a Comment