Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Smart Classroom for Devinuwara National School

Smart Classroom for Devinuwara National School

On January 13, 2023, Devinuwara National School in Matara District also received a smart classroom under the program conducted by Manusath Derana to uplift the educational standards in under-resourced schools. KS Environmental Group in Melbourne, Australia, provides financial assistance for this program. Mr. Paul Smith, Managing Director, and Mr. Susantha Aparakka, Chief Financial Officer of KS Environmental Group, pledged to provide six smart classrooms for the schools lacking teachers and resources.
Teachers, parents, and students expressed gratitude for enabling access to constantly upgrading subject knowledge and global knowledge on par with resourced schools.
Manusath Derana expects to provide the services of highly skilled teachers to these schools via this technology.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කේ එස් එන්වයරන්මන්ටල් ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක පෝල් ස්මිත් හා ප්‍රධාන මුල්‍ය නිලධාරී සුසන්ත අපරෑක්ක යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සිදු කල මුල්‍ය පරිත්‍යාගයෙන් මනුසත් දෙරණින් සිදු කරන තවත් සුවිශේෂී ව්‍යාපෘතියක ප්‍රතිඵලක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ජාතික පාසලට සුහුරු පන්ති කාමර ලබා දීම 2023 ජනවාරි මස 13 වන දින සිදු කෙරුනා.
මෙම ව්‍යාපෘතිය තුලින් ගුරු හිඟයෙන් හා පහසුකම් අඩු කමින් දුෂ්කරතාවලට මුහුණ දෙන පාසැල් හයක දරුවන් සඳහා සුහුරු පන්ති කාමර ලබාදීමට කේ එස් එන්වයරන්මන්ටල් ආයතනය මනුසත් දෙරණ හා එක්ව කටයුතු කිරීමට නියමිතයි.
ඈත දුර බැහැර ප්‍රදේශ වල දරුවනටත්, නාගරික වුවද අඩුපහසුකම් සහිත පාසල්වල දරුවනටත් පහසුකම් සහිත පාසල්වල දරුවන් හා සමානව නවීන තාක්ෂණය ඔස්සේ විෂය දැනුම මෙන්ම නිරන්තරව යාවත් කාලීන වන ගෝලීය දැනුම වෙත සැනෙකින් ප්‍රවේශ වීමට මෙමගින් අවස්ථාව උදාවීම පිළිබඳව මෙම පාසල් වල ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම සිසු දරුවන් ද ඔවුන්ගේ මහත් සතුට, ප්‍රසාදය හා කෘතඥතාවය මනුසත් දෙරණ හා කේ එස් එන්වයරන්මන්ටල් ආයතන වෙත පල කර සිටියා. මෙම පාසල් වෙත දක්ෂ ගුරුවරුන්ගේ සේවය සුහුරු තාක්‍ෂණය ඔස්සේ ලබාදීමටද මනුසත් දෙරණ ඉදිරියේදී කටයුතු කරනු ඇත.

No Comments

Post a Comment